වික්ටෝරියාවේ ගාස්තු අය කෙරෙන මාර්ග ගැන

ඔබ ගමන් කරන විට සහ ඔබේ ගමන සැලසුම් කරන විට ඒවා හඳුනා ගන්නා ආකාරය ඇතුළුව CityLink හා EastLink ගැන දැන ගන්න.

වික්ටෝරියාවේ ගාස්තු අය කෙරෙන මාර්ග දෙකක් තිබේ - CityLink හා EastLink. එම දෙකම පිළිවෙලින් Linkt සහ ConnectEast පුද්ගලික සමාගම්වලින් පාලනය වේ.

ගාස්තු අය කෙරෙන මාර්ග මොනවාද සහ ඒවා තිබෙන්නේ කොහේද?

ගාස්තු අය කෙරෙන මාර්ග යනු ඔබට ගමන් කිරීමට ගෙවීමක් කළ යුතු මාර්ග වේ. වික්ටෝරියාවේ ගාස්තු අය කෙරෙන මාර්ග දෙකක් තිබේ:

  • Tullamarine අධිවේගී මාර්ගය, West Gate අධිවේගී මාර්ගය සහ Monash අධිවේගී මාර්ගය සම්බන්ධ කරන CityLink; සහ
  • Eastern අධිවේගී මාර්ගය, Monash අධිවේගී මාර්ගය, Frankston අධිවේගී මාර්ගය සහ Peninsula Link අධිවේගී මාර්ගය සම්බන්ධ කරන

වික්ටෝරියාවේ ගාස්තු අය කෙරෙන මාර්ග වික්ටෝරියානු රජය හා පුද්ගලික අංශය අතර ඇති හවුල්කාරීත්වයකට අනුව පුද්ගලික අංශය හරහා පාලනය වේ. මෙම හවුල්කාරීත්වයට අනුව පුද්ගලික අංශයේ සමාගම්වලට සැලසුම් කිරරීම, ගොඩනැගීම, මූල්‍ය පාලනය හා මෙම මාර්ග නඩත්තු කිරීම සිදු කිරීම අවශ්‍යයි. ඔවුන්ගේ පිරිවැය සහ අවදානම සඳහා වන්දි ගෙවීම සඳහා, නිශ්චිත මට්ටම්වලින් ගාස්තු අය කිරීමට ඔවුන්ට අවසර ලැබේ.

Victorian Tolls Roads map showing CityLink and EastLink toll roads

වික්ටෝරියාවේ ගාස්තු අය කෙරෙන මාර්ගවල විශාල සිතියම බලන්න

වික්ටෝරියාවේ ඇතුළුවීම් / පිටවීම්, ගාස්තු අය කිරීම් ස්ථාන ඇතුළුව ගාස්තු අය කෙරෙන මාර්ග සොයා ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, පහත ඒවාට පිවිසෙන්න: 

ගාස්තු අය කෙරෙන මාර්ග හඳුනාගෙන ගමන සැලසුම් කරන්නේ කෙසේද

වික්ටෝරියාවේ ගාස්තු අය කෙරෙන මාර්ගවල කහ අකුරු සහිත සුවිශේෂී නිල් සලකුණු ඇත. ඔබ ගාස්තු අය කෙරෙන මාර්ගයක් වෙත ළඟා වන විට මෙන්ම ගාස්තු අයකරන මාර්ගයේ කඩින් කඩ මෙම සලකුණු ඔබට පෙනෙයි. මෙම සලකුණු මඟින් ගාස්තු මාර්ග ක්‍රියාකරු පිළිබඳ විස්තර සහ ගෙවීම් සඳහා ඔවුන් සම්බන්ධ කර ගන්නා ආකාරය පෙන්විය හැකිය.

Image of a Toll Road sign over the Monash Freeway

ඔබේ ගමන සැලසුම් කිරීම සහ ඒ සඳහා ගෙවීම

ඔබේ ගමන සැලසුම් කිරීම

ඔබගේ සංචාරය සැලසුම් කිරීමේදී ගාස්තු අය කෙරෙන මාර්ගවලට පැමිණීමට හෝ ඉවත්වීමට ඔබට ඉඩ දෙන මෙවලම් කිහිපයක් තිබේ.

මෙම මෙවලම්වලට උදාහරණ වන්නේ:

  • Melways සිතියම් (ගාස්තු අය කෙරෙන මාර්ග නිල් පැහැයෙන් දැක්වේ)
  • Google සිතියම්
  • GPS උපකරණ

ඔබගේ සංචාරයේ පිරිවැය තක්සේරු කිරීමට හෝ ගාස්තු අය කරන ස්ථාන බැලීමට, පහත සබැඳි බලන්න

ඔබේ ගමන සඳහා ගෙවන්න

  • තාවකාලික අවසර පත්‍රයක් මිලට ගැනීමෙන් හෝ අදාළ ගාස්තු අය කරන ආයතනය සමග ගිණුමක් විවෘත කිරීමෙන් ඔබ ගාස්තු අය කිරීම සඳහා විද්‍යුත් වශයෙන් ගෙවීමට හැකිය.
  • වික්ටෝරියාවේ ගාස්තු අය කෙරෙන මාර්ග, CityLink සහ EastLink හි ගමන් කරන විට, ඔබ ගාස්තුවක් ගෙවිය යුතුය. ඔබේ ගමන සඳහා ගෙවීම කරන ආකාරය දැනගන්න (External link).

Was this page helpful?

 

Please tell us why (but don't leave your personal details here - message us if you need help or have questions).