ගාස්තු අය කෙරෙන මාර්ග භාවිතය
ගාස්තු අය කෙරෙන මාර්ග භාවිත කරන ආකාරය සහ අයකිරීම් පිළිබඳව දැනගන්න.
ගාස්තු අය කෙරෙන මාර්ගවල ගමනාගමනට ගෙවීම
වික්ටෝරියාවේ ගාස්තු අය කෙරෙන මාර්ග පුද්ගලික සමාගම් ඔස්සේ පාලනය සහ නඩත්තුව සිදු කෙරේ:
ඔබේ ගමනෙහි අය කිරීම රඳා පවතින්නේ:
- ඔබ ගමන්ගන්නා දුර අනුව;
- ඔබ ධාවනය කරන වාහනය අනුව; සහ
- ඔබ සතුව තිබෙන පිවිසුම්පත එක හෝ ගිණුම මතයි.
පිවිසුම්පතක් මිලදී ගැනීම
පිවිසුම්පත යනු ඉඳහිට ගාස්තු අය කෙරෙන මාර්ගවල ගමන්ගන්නා අය සඳහා නිර්මාණය කර ඇති තාවකාලික සංචාරක දීමනාවකි. ඔබ ගමනට පෙර හෝ ඔබ ගාස්තු අය කෙරෙන මාර්ගයේ ගමන්ගැනීමෙන් දින 3 ක් දක්වා කාලය තුළ මිලදී ගත හැකිය.
පිවිසුම්පත් අන්තර්ජාලය හරහා, දුරකථනය හරහා හෝ හමුවීමෙන් මිලදී ගත හැක. වැඩිදුර තොරතුරු සඳහා පහත සබැඳි බලන්න:
EastLink
- EastLink ගමනාගමන පිවිසුම්පත් EastLink පාරිභෝගික මධ්‍යස්ථානය, 2 Hillcrest Ave, Ringwood වෙත පැමිණීමෙන් මිලදී ගත හැකිය (විවෘත වේලාව: රජයේ නිවාඩු දින හැර සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව .9.30 සිට ප.ව30 දක්වා;
- ඊට අමතරව, EastLink ගමනාගමන පිවිසුම්පත් අන්තර්ජාලයෙන් මෙතැනින් මිලදී ගත හැකිය.
CityLink
CityLink හා EastLink විවිධ ආකාරයේ පිවිසුම්පත් නිකුත් කරන බව දැනගැනීම වැදගත් වෙයි, වැඩිදුර තොරතුරු පහත සබැඳි හරහා සොයා ගත හැකිය:
ගිණුමක් විවෘත කිරීම
මෙම විකල්පය සකසා ඇත්තේ ගාස්තු අය කෙරෙන මාර්ගවල නිතර ගමන්ගන්නා පාරිභෝගිකයින් සඳහා ය.
ගිණුමක් විවෘත කිරීමට, පාරිභෝගිකයින්ට සාමාන්‍යයෙන් විවෘත කිරීමේ මුදලක් තැන්පත් මුදලක් ගෙවීමට සිදු වේ. එය ඉන්පසු ඔබ ගාස්තු අය කෙරෙන මාර්ග භාවිතයේදී අය කර ගනු ලැබේ.
ටැග් ගිණුම්
බොහෝ අවස්ථාවලදී CityLink හා EastLink හි ගමන් ගැනීමට ලාභදායීම ක්‍රමය ටැග් ගිණුම් ක්‍රමය වේ. මෙහිදී පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වාහනවල ඉදිරිපස වීදුරුවේ ඉලෙක්ට්‍රොනික කාඩ්පත් උපකරණයක් සවි කිරීමට සිදු වේ.
මෙය ඕස්ට්‍රේලියාවේ ඕනෑම ගාස්තු අය කෙරෙන මාර්ගයක භාවිත කළ හැකිය.
ටැග් නොවන ගිණුම් (වීඩියෝ ගිණුම්)
- CityLink හා EastLink දෙකේම ගමන් ගන්න
- ටැග් එකක් සවි කිරීම අවශ්‍ය නොවන අතර ඔබගේ වාහනයේ අංකයේ ඡායාරූප මඟින් ඔබේ වාහනය හඳුනාගනු ලැබේ.
- මාර්ග ගාස්තුවට අමතරව ඡායාරූප සංස්කරණය සඳහා මුදලක් අය වේ.
ගිණුමක් විවෘත නොකර ගාස්තු අය කෙරෙන මාර්ගයක් භාවිත කළාද?
ඔබ වික්ටෝරියානු ගාස්තු අය කෙරෙන මාර්ග භාවිතයේදී මුදල් ගෙවීමට (නීතියෙන්) බැඳී සිටී.
ඔබ ගෙවීම් නොකළේ නම් සිදු වන දෙය දැන ගන්න.
ඔබට ඉතා ඉහළ ගාස්තු මුදලක් ගෙවීමට ඇති දැයි දැන ගන්නේ කෙසේද
ඔබ මෑත කාලයේදී ගාස්තු අය කෙරෙන මාර්ගයක ගමන් කර ඔබ නොගෙවූ ගාස්තුවක් ගෙවීමට ඇතැයි සිතන්නේ නම්, එය පරික්ෂා කිරීමට ඔබට හැකි ක්‍රම වන්නේ:
- ගමන් ගැනීමට යොදාගත් වාහනයේ ලියාපදිංචි අංකයෙන් සෙවුමක් කරන්න
- පාරිභෝගික සේවා නිලධාරියෙකුට දුරකථනයෙන් කථා කරන්න
- Linkt පාරිභෝගික සේවාව: 13 33 31 (සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 7 - රාත්‍රී 7)
- EastLink පාරිභෝගික සේවාව: (03) 9955 1400 (සඳුදා සිට සිකුරාදා දක්වා වැඩ කරන වේලාවල)
ඔබේ සම්බන්ධතා තොරතුරු යාවත්කාලීනව තබා ගන්න
ඔබ ඔබගේ සම්බන්ධතා තොරතුරු VicRoads සහ ඔබේ ගාස්තු අය කරන ක්‍රියාකරු සමග යාවත්කාලීනව තබා නොගන්නේ නම් ඔබට වැදගත් තොරතුරු මඟ හැරිය හැකිය.
VicRoads සමඟ ඔබේ ලිපිනය යාවත්කාලීන කිරීම
VicRoads විසින් තබා ඇති වාහනයක ලියාපදිංචි ක්‍රියාකරුගේ විස්තර ගාස්තු අයකර ගැනීමේ ක්‍රියාවලියේදී භාවිත කෙරේ. එනම්, ඔබ VicRoads සමග ඔබේ ලිපිනය වෙනස් නොකරන්නේ නම්, ඉන්වොයිසියක් හෝ උල්ලංඝනය කිරීමේ දැන්වීමක් වැරදි ලිපිනයට යවනු ලැබිය හැක.
VicRoads සමග ඔබේ තොරතුරු යාවත්කාලීන කිරීම මඟින් Linkt (CityLink) හෝ EastLink සමග ඇති ගිණුම්වල විස්තර යාවත්කාලීන නොවේ.
ඔබේ ගාස්තු අය කරන ක්‍රියාකරු සමග ලිපින යාවත්කාලීන කිරීම
ඔබගේ ගාස්තු අය කරන ක්‍රියාකරු සමග ඔබේ තොරතුරු යාවත්කාලීනව තබා නොගන්නේ නම්, ඔබගේ ගිණුම පිළිබඳ වැදගත් තොරතුරු ඔබට මග හැරෙයි, එමඟින් ගාස්තු අය කර ගැනීමේ ක්‍රියාවලිය වැළැක්විය හැකිය.
ඔබේ ගාස්තු අය කරන ක්‍රියාකරු සමග තොරතුරු යාවත්කාලීන කිරීමෙන් VicRoads සමග තොරතුරු යාවත්කාලීන නොවේ.
අන්තර්ප්‍රාන්ත රියදුරන්
Show more
මා හට අන්තර්ප්‍රාන්ත ටැග් ගිණුමක් තිබෙන අතර මට වික්ටෝරියා ගාස්තු අය කෙරෙන මාර්ගයක් භාවිත කිරීමට අවශ්‍ය වේ.
අන්තර්ප්‍රාන්ත ගාස්තු අයකරන මාර්ගවල භාවිත කෙරෙන ටැග් CityLink හා EastLink හි භාවිත කළ හැක.
වික්ටෝරියාවේ සංචාරයට පෙර, ඔබට වැදගත් වන කරුණු වන්නේ:
- ඔබේ පෙරගෙවුම් ගිණුමේ ධන ශේෂයක් තබා ගැනීම,
- ඔබේ වාහනයේ ලියාපදිංචි අංකය ඔබේ ගිණුමේ සඳහන්ව ඇති බව තහවුරු කර ගන්න.
මට අන්තර්ප්‍රාන්ත ටැග් ගිණුමක් නොමැති අතර මට වික්ටෝරියා ගාස්තු අය කෙරෙන මාර්ගයක් භාවිත කිරීමට අවශ්‍ය ය.
ඔබ Linkt (CityLink) (External link) හෝ EastLink (External link) සම්බන්ධ කර ගෙන ගාස්තු අය කෙරෙන මාර්ගයේ ගමන් ගැනීමට පෙර හෝ ගමනාගමනයෙන් දින 3 ක් ඇතුළත පිවිසුම්පතක් මිලදී ගත යුතුය. නිතර භාවිත නොකරන පාරිභෝගිකයින් සඳහා ගැළපෙන පිවිසුම්පත් රාශියක් CityLink හා EastLink දෙකම ලබා දේ. මෙය කිරීමට අපොහොසත් වුවහොත් ගෙවීම් සඳහා ඉල්ලීමක් නිකුත් කරනු ලබන අතර එය නොගෙවන්නේ නම් උල්ලංඝනය පිළිබඳ දැන්වීමක් (External link) නිකුත් කරනු ලැබිය හැකිය.
ගාස්තු ගෙවන මාර්ග භාවිතයේදී මගේ ගමන සැලසුම් කරන්නේ කෙසේද?
නම් කරන ලද ගමනාන්ත වෙත මඟ පෙන්වීම සඳහා ගාස්තු අය කිරීම ඇතුළත් කිරීමට හෝ බැහැර කිරීමට මෝටර් රථ හිමියන්ට ඉඩ සලසන විවිධ මෙවලම් තිබේ. Google හා Whereis යනු ඒවාට උදාහරණ වෙයි. මීට අමතරව, Melways සිතියම් මඟින් වාහන ගාස්තු නිල් පාටින් ඉස්මතු කර දක්වන අතර එය සුදුසු පරිදි ගමන සැලසුම් කිරීමට සලස්වනු ලැබේ.
රිය පැදවීමේදී ඔබට වික්ටෝරියානු ගාස්තු පාරවල් ඒවායේ නිල් සහ කහ සලකුණු මගින් හඳුනාගත හැකිය. වික්ටෝරියාවේ ගාස්තු අය කෙරෙන මාර්ග හඳුනා ගෙන ඔබේ ගමන සැලසුම් කිරීම පිළිබඳ වැඩිදුර දැන ගන්න.
කුලී රථයක ගමන් කරන විට, ඔබේ ගමනේ කොටසක් ලෙස ගාස්තු මාර්ගයක් භාවිත කිරීමට (හෝ භාවිත නොකිරීමට) ඔබේ රියදුරු ඔබට තෝරා ගැනීමට ඉඩ දෙනු ලැබේ.
ඔබ ගාස්තු අය කෙරෙන මාර්ගයක් භාවිත කිරීමට තෝරා ගන්නේ නම්, ඔබේ මිනුම් ගාස්තුවට අමතරව අදාළ කුලී රථ ගාස්තු අය කෙරේ. එම මාර්ග ගාස්තු කුලී රථය ඇතුළත දර්ශනය කෙරේ.
කුලී රථවල ගමනාගමන සහ මාර්ග ගාස්තු පිළිබඳව දැන ගැනීමට වික්ටෝරියා වාණිජ මගී වාහන වෙත යන්න.